.ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් මහතා , අද 20 දින පෙරවරුවේ , එම ධූරයේ නිළ වශයෙන් දිවුරුම්දීමට නියමිතව ඇත .
2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී, රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා, සුවිශේෂී ජයක් ලද බයිඩන් අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස අද සිට කටයුතු කරනු ඇත .
ඔහුගේ උප ජනාධිපතිනිය ලෙස තේරී පත්වූ කමලා දේවී හැරිස් ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවකි . සංක්‍රමණික මා පිය යුවලකට දාව උපන් කමලා ගේ මව ඉන්දියාවේ උපත ලද තැනැත්තියක වන අතර අතර පියා ජැමෙයිකාවේ උපන්නෙකි.ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට තේරී පත් වූ පළමු කාන්තාව ලෙසද කමලා හැරිස් ඉතිහාස ගතවනු ඇත .
බයිඩන්ගේ තමන්ගේ නව කැබිනට් මණ්ඩලයද මේ වනවිට නම් කර අවසන්ය. ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේද අනුමැතියෙන් අනතුරුව එම කැබිනට් මණ්ඩල සාමාජිකයින්ද තම නව ධූරයන්හි වැඩභාරගැනීමට නියමිතව ඇත .
ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩල සාමාජිකයින් “අමාත්‍යවරුන්” ලෙස හඳුන්වනු ලැබුවද , ඇමෙරිකාවේ මෙම කැබිනට් මණ්ඩල සාමාජිකයින් හඳුන්වනු ලබන්නේ “ලේකම්වරුන්” ලෙසය . බයිඩන්ගේ මෙම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සිටින්නේ 15 දෙනෙකු පමණි . ඊට අමතරව කැබිනට් මට්ටමේ නිලධාරීන් 10 දෙනෙකුද ඔහු විසින් නම් කර ඇත .
ජෝ බයිඩන්ගේ නව කැබිනට් මණ්ඩලය මෙසේය .
මේ වනවිටත් ජෝ බයිඩන් තම කැබිනට් මණ්ඩලය නම් කර අවසන්ය . එය මෙසේය .
උප ජනාධිපතිනිය -(Vice President of the United States) – කමලා හැරිස් මහත්මිය
රාජ්‍ය ලේකම් – (Secretary of State) – ඇන්ටනි බ්ලින්කෙන් මහතා
භාණ්ඩාගාර ලේකම් -(Secretary of the Treasury) – ජෙනට් යෙලන් මහත්මිය .
ආරක්‍ෂක ලේකම්- (Secretary of Defense ) – ලොයිඩ් ඔස්ටින් මහතා
නීතිපතිවරයා – (Attorney General) – මෙරික් ගාර්ලන්ඩ් මහතා .
අභ්‍යන්තර ලේකම් – (Secretary of the Interior) – ඩෙබ් හාලන්ඩ් මහත්මිය .
කෘෂිකර්ම ලේකම් – (Secretary of Agriculture ) – ටොම් විල්සැක් මහතා .
වානිජ්‍ය ලේකම් – (Secretary of Commerce) – ජිනා රයිමොන්ඩො මහත්මිය .
කම්කරු ලේකම්- ( Secretary of Labor) – මාර්ටින් වොල්ෂ් මහතා .
සෞඛ්‍ය හා මානුෂීය සේවා ලේකම් (Secretary of Health and Human Service) – සේවියර් බෙකෙරා මහතා .
නිවාස හා නාගරික සංවර්ධන ලේකම් – ( Secretary of Housing and Urban Development) – මර්සියා ෆාජ් මහත්මිය .
ප්‍රවාහන ලේකම් – ( Secretary of Transportation) – පීට් බුටිගීග් මහතා .
බලශක්ති ලේකම් – ( Secretary of Energy) – ජෙනිෆර් ග්‍රන්හොල්ම් මහත්මිය .
අධ්‍යාපන ලේකම් – ( Secretary of Education) – මිගුවෙල් කොර්ඩොනා මහතා .
ප්‍රවීනයන්ගේ කටයුතු පිලිබඳ ලේකම් (Secretary of Veterans Affairs) – ඩෙනිස් මැක්ඩොනොෆ් මහතා .
ස්වදේශීය ආරක්ශාව පිලිබඳ ලේකම් ( Secretary of Homeland Security) – එල්ජෝන්ඩ්රෝ මයෝර්කාස් මහතා .
කැබිනට් මට්ටමේ නිලධාරීන් ,
ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානී (White House Chief of Staff) – රොන් ක්ලෙයින් මහතා
එක්සත් ජනපද වෙළඳ නියෝජිත – ( United States Trade Representative) – කැතරින් ටායි මහත්මිය .
ජාතික බුද්ධි අධ්‍යක්ෂක – (Director of National Intelligence) – ඇව්රි හෙයින්ස් මහත්මිය .
පාරිසරික ආරක්ෂණ නියෝජිතායතනයේ පරිපාලක (Administrator of the Environmental Protection Agency ) -මයිකල් එස්.රේගන් මහතා .
කුඩා ව්‍යාපාර පරිපාලනය පිලිබඳ පාලක (Administrator of the Small Business Administration) – ඉසබෙල් ගුස්මාන් මහත්මිය .
අයවැය කළමනාකරණ කාර්යාලයේ අධක්‍ෂක – ( Director of the Office of Management and Budget) නීරා ටන්ඩන් මහත්මිය .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති – (United States Ambassador to the United Nations) – ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් මහත්මිය .
ආර්ථික උපදේශක කවුන්සිලයේ සභාපති – (Chair of the Council of Economic Advisors) – සිසිලියා රවුස් මහත්මිය
දේශගුණය පිලිබඳ ඇමෙරිකානු ජනාධිපති විශේෂ නියෝජිත (U.S. Special Presidential Envoy for Climate) – ජෝන් කෙරී මහතා .
විද්‍යා තාක්‍ෂණ ප්‍රතිපත්ති කාර්යාලයේ අධ්‍යක්‍ෂ – (Director of the Office of Science and Technology Policy) – එරික් ලැන්ඩර් මහතා