මෙරට දෙවැනි රැල්ලේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂ භාගය පන්නයි

Picture of අසංක

අසංක

මෙරට කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලේ සමස්ත ආසාදිතයින් ගණන අද 50,000 සීමාව ඉක්මවා තිබේ.

ඒ අනුව දෙවැනි රැල්ලේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 50238 කි.

අද හදුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 337කි.

දිවුලපිටිය,පෑලියගොඩ හා බන්ධනාගාර පොකුරු දෙවැනි රැල්ලේ විශාලතම පොකුරු ලෙස හැඳින්විය හැකිය.

දෙවැනි රැල්ලේ ආසාදිතයින් මුලින්ම හඳුනා ගැනුණේ දිවුලපිටියෙනි.