ඉදිරි සති කිහිපය තුල මෙරට කොවිඩ් රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් සිදුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී
දිවයිනේ විවිධ ප්‍රදේශවල පාලනය කල නොහැකි මට්ටමට කොවිඩ් රෝගය ව්‍යාප්ත වී ඇතැයිද ඒ අනුව මෙසේ ඉදිරි සති කිහිපයේදී කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වනු ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි
හඳුනාගත නොහැකි මට්ටමේ මූලාශ්‍ර මගින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමක් සිදුවිය හැකි බවද එම සංගමය සඳහන් කර ඇත .
පසුගිය උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට තම සංගමය යෝජනා කලද එය ක්‍රියාත්මක නොකිරීම මෙම තත්වයට හේතුවක් බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසීය