බස්නාහිර පලාත තුල පමණක් ඉකුත් වසර 2 තුළ යතුරුපැදි 214 ක් ද ත්‍රීරෝද රථ 104ක් ද සොරාගෙන ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඉන් ත්‍රීරෝද රථ හැත්තෑ තුනක්ම සොරාගෙන ඇත්තේ 2020 වසරේදීය.
යතුරුපැදි 214 න් 65ක් සොරාගෙන ගොස් ඇත්තේ ද එම වසරේදීය.
ත්‍රිරෝද රථ වැඩි ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇත්තේ 2020 වසරේ දී වන අතර යතුරුපැදි වැඩි ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇත්තේ 2019 වසරේ දී බව පොලිස් මුලස්ථානයේ සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.