ගුවන්තොටුපොළ විවෘත කරමින් ශ්‍රී ලාංකිකයින් රැගත් පළමු ගුවන් යානය අද දිවයිනට පැමිණ ඇත..
, ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඕමානයේ මස්කට් නුවර සිට එලෙස මෙරටට පැමිණි බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේය .
මේ අතර තව ත් ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පැවසුවේ, මාලදිවයින, පකිස්ථානය, තුර්කිය, බහරේන් ඇතුළු රටවලින් අදාළ පිරිස පැමිණිමට නියමිත බවය.