නවතම පුවත්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටලුගම දී කෙල ගැසූ පුද්ගලයා වසර 6 ක් සිරදඬුවම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අටුලුගම මාරාව ප්‍රදේශයේදී  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට  කෙළ ප්‍රහාර එල්ල කර රාජකාරියට බාධා  කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට  එරෙහිව වසර 6ක සිරදඬුවම් නියම කිරීමට  පානදුර අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන  කලංසූරිය මහතා අද  21 නියෝග කළේය

ඊට අමතරව  රුපියල් දස දහසක දඩයක් ද නියම කෙරිණි.

තවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා  ඇතුළු  රාජකාරි සඳහා කැබ් රථයේ ගමන් ගත් සිව්දෙනාට  රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට ද නියෝග කළේය

මෙලෙස සිර දඬුවම් නියම වූයේ අටුලුගම මාරාව පදිංචි  පකීර්  මොහොමඩ් මොහොමඩ්  අමීර් 52  නැමැත්තාටයි

චෝදනා අටක්  බණ්ඩාරගම පොලීසිය  විසින් සැකකරුට විරුද්ධව  ගොනු කර තිබිණි

කොරොන ආසාදිතයෙකුව සිටි සැකකරු  රෝහල්ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ඉකුත් දෙසැම්බර් දෙවැනි දා   මාරාව ඔහුගේ නිවස අසලට ගිය අවස්ථාවේදී  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී රාජකාරියට බාධා කරමින් ඔහුන්  ගමන්ගත් කැබ් රථයේ දොර විවෘත කර  කෙල ප්‍රහාර එල්ල කර තිබිණි

චෝදනා තුනකට වසර දෙක බැගින් වූ සිර දඬුවම් ද , නියම කරන ලද  වන්දි මුදල් නොගෙවන්නේ  නම් මාස 6 බැගින් වසර දෙකක සිර දඬුවම් ද නියම කෙරිණි.

ඊට අමතරව රුපියල් 10,000 දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවම් හා වෙනත් චෝදනා දෙකකට රුපියල් පනහ බැගින් වූ  දඩ මුදල් නොගෙවන්නේ නම් සති දෙකක සිර දඬුවම් ද නියම කෙරිණි.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික හා පොලිස් සැරයන් 3081 එදිරිසිංහ මහත්වරු  පැමිණිල්ල ඉදිරිපත් කළහ

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි