රංගජීවට වෙඩිතැබීමට පිළියන්දලට ගෙනගොස් ඉන්දියාවට පැන්න නවාස් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

හෙරොයින් කිලෝ සියයක් සමග ඉන්දියාවේ දී අද (22) අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පිළිබඳ තොරතුරු සියල්ල මේ වනවිට හෙළිදරව් වී තිබේ.

ඒ අතර සිටින එම්.එම්.එම්. නවාස් නැමැත්තා 2017 වසරේදී පිළියන්දල දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා රාජ ඔත්තුවක් දී එම ස්ථානයට රැගෙන ගොස් ඝාතනයට තැත් කරන ලද තැනැත්තා බවට අනාවරණය වී ඇත.

මාකඳුරේ මධූෂ් ගේ කොන්ත්‍රාත්තුවකට අනුව එම පුද්ගලයා ව්‍යාජ ඔත්තුවක් දී රංගජීව මහතා ඝාතන සැලසුමකට අනුව එම ස්ථානයට රැගෙන ගොස් තිබුණි.

ඔහු එම සිද්ධියෙන් පසුව හා පසු වහා තම බිරිඳ සමඟ ඉන්දියාවට පැනගොස් තිබුණි.

අනෙක් පුද්ගලයා දැනට සති කිහිපයකට පෙර ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් හෙරොයින් කිලෝ 100කට වැඩි තොගයක් සමග අත්අඩංගුවට ගත් ශෙනායා දුව නැමැති මෙරටින් ගිය ධීවර බෝට්ටුවේ හිමිකරු වන මොහොමඩ් අෆ්නාස් බවටද අනාවරණය වී තිබේ.