ශ්‍රී ලංකාව තුල කෝවිඩ් ව්‍යාප්තිය පාලනයෙන් ගිළිහී නොමැති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
දැනට පවතින ආකාරයෙන් කොවිඩ් රෝගීන් වැඩිවීමක් තමන් බලාපොරොත්තුවෙන් සිටි බවත් ඔහු මාධ්‍ය හමුවකදී සඳහන් කළේය මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය
“පහුගිය කාලසීමාව තුළ සංචරණ සීමාවලින් තොරව නිවාඩු කාලසීමාව තුළ පුද්ගලයින්ගේ සංචරණය එක්තරා දුරකට වැඩිවුණා. මේක අපි බලාපොරොත්තු වුණ දෙයක්, මේ විදිහේ වැඩිවීමක්. ඒ නිසා මං හිතනවා මේ වැඩිවීම ගැන ඒක දැනට පාලනයෙන් ගිලිහිලා ගියා කියලා කවුරු හරි කියනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනෙ.
දිවයින පුරාම පැතිරගිය සුළු සංඛ්‍යාවලින් හෝ පැතිරී තියෙන අවස්ථාවලදී අපි ජනතාව හැටියට විශෙෂයෙන්ම අපට පුළුවන් උපරිමයට සෞඛ්‍ය පුරුදුවලින් ආරක්ෂා වීමත් අනවශ්‍ය සංචරණයෙන් වැළකී සිටීමත් මං හිතනවා මේ මොහොතේ වැදගත් වෙනවා. එය හරහා අපට මේ පවතින තත්වය පාලනය කරගැනීමට අපට පුළුවන් වෙයි කියලාත් මං හිතනවා”