දෛනික පී සී ආර් පරීක්‍ෂණ ප්‍රමාණය 18000 දක්වා ඉහල නැංවීමට මේ වනවිට මෙරට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි..
මේ වනවිට රටේ දෛනික කොරෝනා රෝගීන් වැඩිවීමේ තත්වයක් පෙන්නුම් කෙරෙන්නේ දෛනිකව සිදුකෙරෙන PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යෑම නිසා බවද ඇය මාධ්‍ය වෙත අද පැවසීය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසීය
“කොරෝනා රෝගීන් තවමත් ලංකාවෙ ඉන්නවා. ඉතිං මේ වෙනකොට අපේ PCR පරීක්ෂණ ධාරිතාව වැඩිවෙලා තියෙනවා. මුලින් පටන් ගත්තෙ 500කින්, ඊට පස්සෙ ඒක 14000 දක්වාත් මේ වෙනකොට 18000ක් දක්වාත් PCR පරීක්ෂණ වැඩිකර තිබෙනවා.
මේ දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ වැඩිවීමත් එක්ක වාර්තා වන රෝගීන්ගෙ සංඛ්‍යාවෙත් පොඩි වැඩිවීමක් අපි දකිනවා. ඉතිං ඒ කටයුතු ටික සෞඛ්‍ය අමාත්‍යාංශය … PCR පොසිටිව් රෝග ලක්ෂණ නොමැති සියලු දෙනාම තවමත් අතරමැදි රෝහල්වල නවත්තාගෙන සමාජයට ඔවුන්ගෙන් පැතිරීම වළක්වන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම වයස වැඩි සහ සංකූලතා තියෙන අයට අවශ්‍ය කරන මූලික පහසුකම් තියෙන රෝහල්වල ඒ අවශ්‍ය ප්‍රතිකාර කරගෙන යනවා”