කිරිහරක් ගෙන්වන්න කෝටි 130ක් පෞද්ගලික සමාගමකට දීලා

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විදේශ රටවලින් කිරිහරක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ අදියරක් යටතේ විදේශ රටකින් ලබාගත් රුපියල් කෝටි 131 මුදලක් පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටී.

2017 වසරේ විදේශ සේවා සම්පත් දෙපාර්තමේන්තුව මඟින් කිරි හරක් ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ නමුත් මුදල් වෙන් වී නොමැති බව එම ආයතනයෙන් ලිඛිතව දැනුම් දී තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කර සිටී.

කෙසේ වෙතත් මැයි මස 08 වන දින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මැදිහත්වීම මත රුපියල් කෝටි 131ක මුදලක් වෙලාඩ් නමැති පෞද්ගලික ආයතනයකට කිරිහරක් ගෙන්වීම සඳහා ලබාදී තිබෙන බවත් එම මුදලට මෙතෙක් කිසිදු ගවයෙක් ගෙන්වා නැති බව සම්මේලනය සඳහන් කර සිටී.