කොව්ඩ් හැදුනු සෞඛ්‍ය ඇමැතිවරිය හික්කඩුවට

Picture of අසංක

අසංක

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හික්කඩුව පිහිටි covid ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

ඒ අමාත්‍යවරියට covid-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය.

ඇගේ පවුලේ සියල්ලෝම සහ සමිපතමයින් ද හඳුනාගෙන නිරෝධායනයට යොමු කර ඇත.

මේ වන විට ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත සහ අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි යන අයට මෙලෙස වෛරසය ආසාදනය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටද මන්ත්‍රීවරයා ටද වෛරසය ආසාදනය වී ඇත.