නවතම පුවත්

නිවසේ ඇති “වෙස් මුහුණෙන් ” කියවෙන දේ දන්නවාද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

(නවෝදී කරුණාරත්න )

 

(ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තයේ සංචාරකයින් අතර ප්‍රචලිතව ඇති සුන්දර සිහිවටනයක් වන වෙස්මුහුණු ගැන දිගහැරෙන ලිපි මාලාවේ පළමු දිගහැරුමයි… )

සැහැල්ලු සහ කල් පවතින ලී වර්ග වන වෙල් කඳුරු සහ රුක් අත්තන යන ලී වලින් වර්තමානයේ නිමවන රාක්ෂ මුහුණු, දිව්‍ය මුහුණු, කෝලම් මුහුණු, සන්නි මුහුණු, මිත්‍යා මුහුණු ඇතුලු විවිධ වර්ගවල වෙස් මුහුණු අතරින් රාක්ෂ වෙස් මුහුණු සදහා දේශීය, විදේශිය සංචාරකයින් ගෙන් ඉතා දැඩි ඉල්ලුමක් පවතී.

ලාංකීය වෙස් මූණු කලාවේ ඉතිහාසය ඉපැරණි ගෝත්‍රික ජනාවාස කාලය දක්වා දිව යන්නක්. ජනප්‍රවාදවලට අනුව මහා සම්මත රජතුමාගේ බිසවට කෝලම් නාට්‍ය දැකගැනීමේ දොළ දුකක් ඇති වූ බවත්, එ් දොළදුක සන්සිදුවීම පිණිස විශ්වකර්ම දේව පුත්‍රයා ලවා ශක්‍ර දේවේන්ද්‍රයා වෙස්මුහුණු කර්මාන්තය ආරම්භ කරවන ලද බවත් සඳහන් වෙයි. රාවණා රජු ද වෙස්මුහුණු යොදා ගෙන සතුරන් මෙල්ල කළ බව ජනප්‍රවාදවල සඳහන් වෙයි. තවද වැදි ජනතාවගේ පූජා ක්‍රම සඳහා වෙස්මුහුණු භාවිත කළ බවටද ඉතිහාසය සාක්ෂි දරයි.

වෙස් මුහුණු නිවෙස් වල තබා ගැනීමෙන් වාසනාව උදා වෙන අතර ඇස්වහ කටවහ දෝශ සහ රෝග වලින්ද ආරක්ශාවද සැලසෙන බව ශ්‍රී ලාංකික පැරැන්ණන්ගේ මතයයි.

අද අපි රාක්ෂ වෙස් මුහුණු වල අර්ථය බලමු:

ගිනි රාක්ෂ : 

ගිනි දැල් වලින් සමන්විත මෙම අලංකාර වෙස් මුහුණ ලාංකීය වෙස් මූණු කලාවේ ජනප්‍රියම වෙස් මුහුණයි. සතුරු කරදර මගහැර විශ්ව ශක්තිය සහ ධෛර්යය ලබා දෙයි.

 

 

 

මයුර රාක්ෂ :

මොණරෙකුගේ හැඩතල වලින් යුතු මෙම වෙස් මුහුණ සාමය සහ ආදරය ගෙන දෙයි.

 

 

 

ගුරුළු රාක්ෂ :

විශ්ණු දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන ගුරුළා මිත්‍යා සත්වයෙක්. නාගයන්ගේ දෂ්ඨ කිරීම් වලින් ආරක්ශා වීමට සහ යහපත් කායික මානසික සෞඛ්‍යය සදහා ඉවහල් වෙයි.

 

 

නාග රාක්ෂ :

නයි පෙන හතකින් සමන්විත මෙම වෙස් මුහුණ සියළු අනතුරු වලින් බියෙන් සැකෙන් වළකයි.

 

ගරා රාක්ෂ :

ඇස්වහ කටවහ දෝශ මඟහැර සතුට සාමය සෞභාග්‍යය උදා කරයි

.

වර්තමාන‍යේ මෙම ප්‍රධාන වෙස් මුහුණු , මුහුණු දෙකක හෝ කිහිපයක සන්කලනයන් ලෙසත් කලු සුදු මාධ්‍යයෙන් මෙන්ම ස්වභාවික වර්ණ ගැල්වු වෙස් මුහුණුත් විවිධ කලාත්මක වෙනස්කම් සමග නවීන මුහුණුවරකින්ද දැකගත හැකිය.

කෙසේ වෙතත් දැන් ඔබගේ මීළග සංචාරයේදී මතක සටහනක් ලෙස වෙස් මුහුණක් දේශීය කලාකරුවෙක් ගෙන් මිලදී ගනිද්දී ඔබ කැමතිම වෙස් මුහුණේ අරුත දැනගෙනම මිලදී ගන්න පුලුවන් වෙයි.

 

 

සටහන –

නවෝදි කරුණාරත්න

කොළඹ විශ්වවිද්‍යාලයේ ” සංචාරක මාධ්‍ය කවයේ” ආරම්භක අධ්‍යක්‍ෂක ,

අධ්‍යක්ෂක “කරූ ආට්ස්” පුද්ගලික සමාගම.

 

 

 

 

 

 

 

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්