නවතම පුවත්

පුද්ගලයන් 50,000ක් සමඟ සම්මුඛ සාකච්ඡා කළ ලැරී කින්ග් මියයයි

අසංක

අසංක

දශක පහකට වැඩි කාලයක් පුරා ජනාධිපතිවරුන්, වියතුන්ගේ සිට වංචනිකයන් දක්වා 50,000කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූ ලෝකප්‍රකට ‘ලැරී කින්ග් ලයිව්’ නිවේදක ලැරී කින්ග් ජීවිතයෙන් සමුගෙන තිබේ.

ජනාධිපති අපේක්ෂකයින්, කීර්තිමත් පුද්ගලයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සිනමා තරු සම්මුඛ සාකච්ඡා කරමින් ලැරී කිං වසර 25 කට වැඩි කාලයක් සීඑන්එන්හි “ලැරී කිං ලයිව්” සත්කාරකත්වය සැපයූ අතර එහි කොටස් 6,000 කට වැඩි ප්‍රමාණයක් පැවැත්වීමෙන් පසු ඔහු 2010 දී විශ්‍රාම ගියේය.

ඔහු මියගිය බවට නිකුත් කළ නිල ප්‍රකාශයෙන් මරණයට හේතුවක් සඳහන් කර නැති නමුත් ඔහු අවසන් වරට කෝවිඩ් -19 සඳහා ප්‍රතිකාර ලබාගෙන තිබුණි.

2019 දී පපුවේ වේදනාව හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර තමාට ආඝාත තත්ත්වය වැළඳී ඇති බව පවසා තිබුණි.

යුරෝපීය සංක්‍රමණිකයකුගේ පුතෙකු වන බෘක්ලින් හි හැදී වැඩුණු ඔහු කිසි දිනෙක විද්‍යාලයට නොගිය අතර 1950 සහ 60 දශකවල ෆ්ලොරිඩාවේ දේශීය ගුවන් විදුලි සම්මුඛ පරීක්‍ෂකවරයකු හා ක්‍රීඩා විචාරකයෙකු ලෙස සිය නිවේදන වෘත්තීය ආරම්භ කළේය.

නිවේදන කලාවේ බලපෑම් සහගත ලොව හොඳම සම්මුඛ සාකච්ඡාකරු ලෙස ද සැළකෙන ඔහුගේ සම්මුඛ සාකච්ඡා ලොව පුරා මැවූ පුවත් මෙතෙකැයි ගණනය කළ නොහැකි තරම් ය.

මිය යනවිට ඔහු 87 වැනි වියෙහි පසුවිය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි