ඉන්දියාව ලංකාවට ප්‍රමුඛ තැනක් දෙනවා – ඉන්දීය මහකොමසාරිස්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව සිය අසල්වැසි රටවල් අතරින් ශ්‍රී ලංකාවට සුවිශේෂී හා ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙන බවත් ඒ අනුව ඉන්දීය රජය ඉදිරියටද කොරෝනා මර්ධනය කිරීමේ සටන ජයගැනීමට මෙරටට උපරිම සහය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අවධාරණය කර සිටී .

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී අද පැවැතී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් මහකොමසාරිස්වරයා මේ බව පැවසීය .

කොරෝනාවට එරෙහි සටන ජයගැනීමට ,ලොව ඕනෑම රටකට ජාත්‍යන්තර සහයෝගය අත්‍යාවශ්‍ය වන බවත් , ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවලට අවශ්‍ය සහයෝගය ලබාදීමට ඉන්දීය රජය දැනටමත් කටයුතු කර ඇති බවත් ඒ මහතා මෙහිදී පැවසීය

අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රමුඛත්වයක් දීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ගේ විදෙස් ප්‍රතිපත්තිය වී ඇති බවද බග්ලේ මහතා මෙහිදී පැවසීය