ඉෂාර රත්නකාර
මාධ්‍යවේදීන් සිදුකරන මෙහෙවර ඇගයීම උදෙසා පවත්වනු ලබන පළමු ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ලබන 10 වැනිදා පස්වරු 4ට පැවැත්වීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 සදහා 2017.01.01 සිට 2017.12.31 අතර කාලයේදී පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී සහ වෙබ් අඩවිවල පළවූ සහ විකාශනය වූ නිර්මාණ සැළකිල්ලට ගෙන තිබේ.
මෙම සම්මාන උළෙලේදී ජනාධිපති සම්මාන 47ක් සහ යාවජීව සම්මාන 04ක් පිරිනැමීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා පැවැසීය.