පැතුම් වික්‍රමරත්න
වැය ශීර්ෂ පරාජයට පත් වූ අමාත්‍යංශ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අද (02) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන වන බැවින් ඊට පෙර අදාළ අමාත්‍යංශවල වැය ශීර්ෂ සම්මත කර ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇත.
අද (02) රැස්වන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුව පසුව පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත . එම පක්ෂ නායක රැස්වීම ද අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත..
වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මහනගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය .