ඉන්දියාවේ  ප්‍රබල දේශපාලන පක්ෂ ශාඛාවක්  ශ්‍රී ලංකාවටත්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටු වීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ .
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කර ඇති බව ඉන්දියාවේ එන් ඩී ටී වී පුවත් සේවය අද වාර්තා කළේය .
ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී ඔහු පවසා ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවය.
ශ්‍රී ලංකාව තුළ පක්ෂය භාරතීය ජනතා පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත් වීමටද ඔවුන් සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍යන් හි සඳහන්වේ.
ශ්‍රී ලංකාවට අමතරව ඉදිරි කාලය තුළ නේපාලයේ ද සිය පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කිරීමටයි භාරතීය ජනතා පක්ෂය සූදානම් වන බවද මෙහි සඳහන්ය .
ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා පවසන්නේ භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ බවය.