ප්‍රබෝධා හෙට්ටිආරච්චි
විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත්කර තිබේ. වැඩබලන ඇමතිවරයා ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබේ. ඔහු මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය. රණසිංහ මහතා ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.