කථානායකටත් කොවිඩ් එන්නත විදී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’එන්නත ලබා ගත් අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටියේය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පෙරවරුවේ කථානායක නිල නිවසට පැමිණ ‍කථානායකවරයා සමග යුද හමුදා රෝහල වෙත ගොස් එන්නත ලබාගත්තේය.

මෙම එන්නත ලංකාවට ලබාදීම සම්බන්ධව මෙහිදී  ඉන්දීය රජයට සිය ස්තුතිය පල කළ කථානායකවරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කළේය.