බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී ඇති බව බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටී .
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමකදී සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ දින 14 නිරෝධායන හා PCR පරීක්ෂණවලට යටත්ව බ්‍රිතාන්‍යයේ සිට මෙරටට සංචාරකයින්ට පැමිණීමට හැකිවන පරිදි පනවා තිබු සීමාවන් ලිහිල් කිරීමටය
මේ අනුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ යටතේ එක්සත් රාජධානියේ සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ වේ.