රට පුරා දැඩි ලෙස කථාබහට ලක්වූ ”පණු කරඳ” හෙවත් කෲඩියා සිලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගයේ වෙනස්කම් සිදුකරමින් සංවර්ධනය කිරීමට තීරණය කර ඇත .
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ ඊයේ (16) පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ එකඟතාවට පැමිණි බවය.
නෂ්ට වූ ජීව විශේෂයක් ලෙස රතු දත්ත පොතේ පවා සඳහන්ව ඇති මෙම ශාකය ආරක්ෂා කරගැනීමට, ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය, ඉදිරිපත් වීමෙන් පසු ඒ වටා ස්වාමීන් වහන්සේ, පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව බොහෝමයක් එක්විය.
ඒ අනුව ගස ගලවා වෙනත් ස්ථානයක රෝපණය කිරීමේ උත්සාහය තාවකාලිකව නැවතුණු අතර ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සහ මහාමාර්ග අමාත්‍යංශය අතර ඊයේ මෙම සාකච්ඡාව පැවැත්විය.