ගෙවල් නැති හැමෝටම ගෙයක් ලැබෙන ලොස් ඇන්ජලීස්වල පුංචි නිවාස ගමක්

Picture of අසංක

අසංක

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ අලුතින් කුඩා “ගමක්” බිහිවී තිබේ. එය පිරී ඇත්තේ ඉතාම කුඩා නිවාසවලිනි. දැනට එය හදුන්වන්නේ ‘පුංචි නිවාස ගම්මානය’ ලෙසයි.

ලාභ නොලබන සංවිධානයක් වන ‘හෝප් ඔෆ් ද වැලි’ ගලවාගැනීමේ මෙහෙයුම නමැති සංවිධානය විසින් නිවාස අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා සිය පළමු “කුඩා නිවාස ගම්මානය” මෙම මස මුලදී විවෘත කළේය.

ලොස් ඇන්ජලීස් නගරයේ චැන්ඩ්ලර් බොලිවාර්ඩ් හි ඉදිකරන ලද මෙම පළමු පුංචි නිවාස ගම්මානයෙහි කුඩා නිවාස 40 ක් සහ ඇඳන් 75 ක් ඇත.

සෑම කුඩා නිවාසයක්ම වර්ග අඩි 64 කින් යුක්ත වන අතර ඇඳන් දෙකක්, උණුසුම්කරණයක්, වායුසමීකරණයක්, ජනේල, කුඩා මේසයක් සහ ඉදිරිපස දොරක් ඇති බව ‘හෝප් ඔෆ් ද වැලි’හි නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී කෙන් ක්‍රාෆ්ට් පවසයි.

වැසියන්ට සනීපාරක්ෂක පහසුකම් සඳහා ප්‍රවේශය ද සපයා ඇති අතර, වැසිකිළි පහක් සහ සින්ක් පහක්. රෙදි සෝදන යන්ත්‍ර 5 ක් එහි ඇත. පදිංචිකරුවන්ට දිනකට ආහාර වේල් තුනක් ලබා දෙන අතර සමහර කුඩා නිවාස රෝද පුටුවට පවා ප්‍රවේශ විය හැකිය.

ක්‍රාෆ්ට් හි වීඩියෝ චාරිකාවට අනුව මෙම නව ගම්මානවේ සුරතල් සතුන්ට ද හිතකාමී වේ.

පවතින වසංගත තත්ත්වය හමුවේ රැකියා අහිමිවීම් වැනි අර්බුද උඩුදුවද්දී නිවාස අහිමිවූවන්ගේ ගණන සීඝ්‍රයෙන් ඉහළ යාමට විසදුම් සෙවීමට මෙම සංවිධානය පුංචි නිවාස ගම්මාන ව්‍යාපෘතිය දියත් කරනු ලබයි.