තෙල් පිරිපහදු තුනක් අලුතින් ඉදිකෙරේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න )

මෙරට තුළ තවත් ප්‍රධාන තෙල් පිරිපහදු 3ක් අලුතින් ඉදිකිරීමට අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටී ..

කොළඹ, ත්‍රිකුණාමලය හා හම්බන්තොට එම තෙල් පහදු ඉදිකිරීමට අපේක්ෂා කරන බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේය

කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ තෙල් පිරිපහදුව , රටේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා යොදාගැනෙන බවත් , හම්බන්තොට හා ත්‍රිකුණාමලය පිරිපහදු  හරහා ඉන්ධන අපනයනය ,ඉලක්ක කර ඇති බවත් විජේසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය