පැතුම් වික්‍රමරත්න
කාබයිඩ් රසායනිකය යොදා ගනිමින් ඉදවන ලද කෙසෙල්, හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් (app ) නිපදවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමත් වී ඇත.
ඉදිරියේ දී අඹ සහ ගස්ලබු ආදී පළතුරු සඳහාද මෙම භාවිතා කිරීම සඳහා මෙම ජංගම දුරකතන යෙදවුම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවත්මෙ ම නිර්මාණය සිදු කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ආහාර සැකසුම් තාක්ෂණික සිසුන් සඳහන් කර සිටී.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද Innovate Sri Lanka 2019 ප්‍රදර්ශනයේ දී මෙම නිමැවුම එළිදක්වන ලදී.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී ඊයේ (02) දින මෙම ප්‍රදර්ශනය ආරම්භ වූ අතර අද (03) දිනයේ දීද මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.