ජගත් මානව හිමිකම් කොමිසමේ 46වැනි සැසිය ඇරඹෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (22) පස්වරුවේ ආරම්භ විය.

 

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය විඩියෝ තාක්ෂණය ඔස්සේ හෙට (24) දින මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දීමට නියමිතය.

 

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

මෙම සැසිවාරය මාර්තු මස 23 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

 

එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනීග්රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනඒමට සැලසුම් කර ඇත.

 

මෙවර සැසිවාරය සදහා සාමාජික රටවල් සහභාගි වන්නේ අන්තර්ජාලය ඔස්සේ සජීවී වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමිනි.