ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පළමුවරට හිමිනමක් ඉල්ලයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා උප සභාපති ධුරයට මෙරට පළමු වතාවට ස්වාමීන් වහන්සේ නමක් අයදුම් කර තිබේ.

 

ඒ බත්තරමුල්ලේ සීලරතන හිමියන් ය. උන්වහන්සේ ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (24) වෙත ගොස් සිය නාමයෝජනා ඉදිරිපත් කළේය.

 

“ඓතිහාසික සිද්ධස්ථානයක් වන මේ ක්‍රිකට් මධ්‍යස්ථානයටත් අපි එන්න ඕනේ. අපි ක්‍රීඩාවට ඉතාමත් ආදරෙයි. ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රිකට් බෝඩ් එකට උප සභාපති වශයෙන් ඉල්ලීමට මම මේ ආවේ. අද ක්‍රීඩාව සම්පූර්ණයෙන් විනාශ වෙලා. අපිට ක්‍රිකට් ගහන්න ඕනේ නෑ. අපිට ඕනේ පරිපාලනය. මොකද, වංචා දූෂණ නවත්වන්න. මාව බලයට පත්වුණොත් ක්‍රිකට් පාවාදෙන අයට මගෙන් නම් ඉඩක් නෑ.” යනුවෙන් උන්වහන්සේ නාමයෝජනා බාරදීමෙන් අනතුරු මාධ්‍ය වෙත පැවැසීය.