නවතම පුවත්

ඉම්රාන් ආවේ  චීන-පාකිස්ථාන  ආර්ථික කොරිඩෝව නිසයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතියට අනුව ශ්‍රී ලංකාව සමග වෙළඳ සබඳතා වැඩිදියුණු කරගැනීම තම සංචාරයේ අරමුණ බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කර සිටී .

 

පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ බව පැවසුවේ 23 දා අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි.

 

“පාකිස්ථානය චීනයේ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහනේ සාමාජික රාජ්‍යයක්. වන අතර  “චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝව” යන  ව්‍යාපෘතිය එම වැඩසටහනේ ප්‍රධාන කොටසක් වන බවත් ඉම්රාන් ඛාන් මහතා මෙම  මාධ්‍ය හමුවේදී පැවසීය

 

නියෝජිත ආයතන අතර තොරතුරු හුවමාරුව තුළින් අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමටද  ශ්‍රී ලංකාව  හා පකිස්ථානය  අතර එකඟතාවක් ඇතිවී ඇති බව ඉම්රාන් ඛාන් මහතා මෙහිදී පැවසීය

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

 

. .මෙම ව්‍යාපෘතියේ හරය ‘සම්බන්ධතාවය’ යන්නයි. මම අද මෙහි ආපු මගේ නිලධාරීන්ට කියලා තියෙනවා ඒ හරහා දෙරට අතර වෙළඳාම දියුණු කිරීමටත් දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමටත් පියවර ගන්න කියලා.

 

අපි කතාකරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ වෙළඳාම දියුණු කරන්නේ කෙසේද, පාකිස්ථානයට කලාපීය වශයෙන් සැලසෙන වාසි සමග කියලා. අපගේ මෙම සම්බන්ධතාවයෙන් තවදුරටත් පිළිබිඹු වන්නේ දෙරට තවදුරටත් සමීප වීමයි”

 

පාකිස්ථානු අගමැතිවරයා මෙරට දෙදින නිල සංචාරය අවසන් කර ඊයේ(24) පස්වරුවේ සිය රට බලා පිටත්ව ගියේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා