කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙලේ  ගැටලු රැසක් වසංගත පාලන රාජ්‍ය ඇමති හෙළිකරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය පවසයි. ඒ ඇතැම් පාර්ශ්ව විසින් ගන්නා ලද හදිසි තීරණ හේතුවෙන් බව අමාත්‍යවරිය පෙන්වා දී තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් වෙත අමාත්‍යවරිය මෙම චෝදනාව එල්ල කළාය. “තාක්ෂණික කමිටුව, ජනාධිපති කාර්ය සධක බළකාය දුන් තීන්දු තිබියදී රෑට හදිසියේ දුන් කෝල් එකෙන් තීරණ වෙනස් කරනවා. එන්නත්කරණ වයස්ඛාණ්ඩ වෙනස් කරනවා. එහෙම එන්නත්කරණ කරන්න බෑ. මාර්ගෝපදේශයක් තිබිය යුතුයි. මම වසංගත පාලන අමාත්‍ය ධුරය දැරුවට සමහර රැස්වීම් ගැන මම දන්නෙවත් නෑ.”

 

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබාදීම සඳහා තීරණය කර ඇති බව ද ඇය කීය.

 

ඉදිරියේදී ලැබෙන එන්නත් මාත්‍රාවන් ද අවදානම් කලාපවල ජනතාව ඉලක්ක කරගනිමින් ලබාදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් කියාසිටියේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළට සිදුකෙරෙන බැවින් පීසීආර් පරික්ෂණ අවශ්‍ය පමණ ඉක්මවා කිරීම අඩු කර අවශ්‍යතාව මත පමණක් සිදුකර ඇති බවයි.

 

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ ඇතැම් පිරිස් සඳහා කොවිඩ් එන්නත ලබාදීම සිදු කරන බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා චෝදනා කර තිබුණි.

 

මේ දක්වා මෙරට තුළ සිදුවූ කොවිඩ් මරණ ගණන 453කි.