චීනය දුප්පතුන් නොමැති රටක් බවට එරට රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත .
. විදෙස් වාර්තාවන්ට අනුව චීනයේ බීජිං නුවර පැවැති රැස්වීමකදී එරට ජනාධිපති සී ජින්පින් මහතා පවසා ඇත්තේ ග‍්‍රාමීයව වෙසෙන චීන ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ සටන මේ වනවිට ජයගෙන ඇති බවයි ..
ඒ අනුව සී ජින්පින්ගේ පාලනය යටතේ පසුගිය වසර 8 ක කාලය තුල එරට වැසියන් මිලියන 1000 ක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත . එය පාලක කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය වෙනුවෙන් එම පක්ෂය සිය ජනතාවට ලබාදුන් ත්‍යාගයක් ලෙසයි සැලකෙ..
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව රටවල් රැසක් ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන අවස්ථාවක චීනය දුප්පතුන් නොමැති රටක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක් වේ.