විහාර හා දේවාලගම් පනතට අත තියන්නේ නැහැ – අලි සබ්‍රී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තමා අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනතාක් විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ එම පනතට සංශෝධන සිදු කිරීමට කටයුතු නොකරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අවධාරණය කර සිටී

අද (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය .

ශ්‍රී ලංකාව යනු වසර 2500 ක ඉතිහාසයක් සහිත, බෞද්ධ ශිෂ්ටාචාරය මත පදනම් වූ රටක් බවත් එවැනි රටක පාරම්පරික අයිතිවාසිකම්වලට එරෙහිව නීති ගෙන ඒමට තරම් තමා මෝඩයෙකු නොවන බවත් අධිකරණ ඇමතිවරයා මෙහිදී පැවසීය

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් විවාහ නීතියට අදාල සංශෝධන මේ වනවිටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවය.