හොරණ ප්‍රදේශයේදී මත්කුඩු කිලෝ හතලිස් පහක් සමඟ අත්අඩංගුවට ගත් හමුදාවේ කණ්ඩායම මීට පෙරත් මත්කුඩු මේ ආකාරයට යු.හ. අංක තහඩු යටතේ අද අත්අඩංගුවට ගනු ලැබූ වෑන් රථයෙන්ම ප්‍රවාහනය කළ බවට තොරතුරු ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී තිබේ.
ඒ අනුව මීට පෙර අවසාන වරට හෙරොයින් තොගයක් ප්‍රවාහනය කර ඇත්තේ කඩුවෙල ප්‍රදේශයට බව ඔවුන් පවසා ඇත.
ඒ වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 80,000ක් ද අනෙක් පුද්ගලයාට රුපියල් ලක්ෂයක්ද වශයෙන් මුදල් ලැබී තිබෙන බවද විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම මත්කුඩු කිලෝ 45 ප්‍රවාහනය වෙනුවෙන් විශාල මුදලක් ගෙවන බවට පොරොන්දු වී තිබී ඇති බව සඳහන්ය.
මෙම හෙරොයින් මත්කුඩු තොගය වැලිගම ප්‍රදේශයට ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රැගෙනවිත් ඇත.
අනතුරුව කිසියම් ගැණුම්කරුවෙකුට මෙම තොගය ලබාදීමට සූදානම් වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.