කරන්ට් මදිවට වතුර කැපිල්ලත් දිගටම එන ලකුණු

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ඉදිරියේදී ජල සැපයුමද බිඳවැටිය හැකි බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනතුරු අඟවා සිටී.

අඹතලේ ජලපවිත‍්‍රාගාරයේ නඩත්තු කටයුතු අවසන් නොවීමද මෙසේ ජල සැපයුම අඩාල වීමට හේතුවනු ඇති බව මණ්ඩලය ප්‍රකාශ කර සිටී.

මෙම තත්ත්වය හමුවේ ඇතැම් ප‍්‍රදේශවල ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් සෙසු ප‍්‍රදේශවලට ජල සැපයුම ලබා දීමේදී ගැටලූ ඇතිවිය හැකි බවද මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් මහතා සඳහන් කර සිටී.

ඉකුත් සති අන්තයේදී කොළඹ ප‍්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක් සිදුකල අතර ඊයේ (02) සහ පෙරේදා (01) දිනයේ බම්බලපිටිය, මහරගම, කොට්ටාව සහ දෙමටගොඩ යන ප‍්‍රදේශවලට පෙර දැනුම් දීමකින් තොරව ජලය කපා හැර තිබූ බවට තොරතුරු වාර්තා විය.