කොරෝනා මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සකස් කිරීම සංකීර්න ක්‍රියාවලියක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කර සිටී .
මෙහිදී කරුණු රැසක් පිළිබඳ සැලකිල්ලට ගත යුතු බවත ඒ සඳහා යම් කාලසීමාවක් යනු ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .
කොරෝනා මෘතදේහ භූමදාන මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කර ඇති බවත් ., අදාළ අවසන් චක්‍රලේඛය නිකුත් කරන තෙක් කොරෝනා මරණ භූමදානයට අවසර හිමි නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය .