කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අදාල මාර්ගෝපදේශ ඇතුළත් චක්රලේඛය ඉදිරි පැය 48 ඇතුළත නිකුත් කිරීමට නියමිතව ඇත .
.මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමත් සමග කොවිඩ් මළසිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙමින් පසුගියදා නිකුත්කළ චක්රලේඛය ක්රියාවට නැංවීමට හැකියාව ලැබෙනු ඇත .
මේ අතර කොවිඩ් මළසිරුරු භූමදානය කිරීම සඳහා සුදුසු ස්ථාන දෙකක් පිලිබඳව යෝජනා වී තිබෙන අතර . අදාල ස්ථාන තෝරා ගැනීමේදී ජල මට්ටම පහතින් ඇති ප්රදේශ පිළිබඳව අවධානය යොමුව ඇති බවද වාර්තාවේ,
ඒ අනුව මන්නාරම සහ කාත්තන්කුඩි යන ප්රදේශවලින් එවැනි ස්ථාන දෙකක් හඳුනාගෙන තිබෙන අතර . එම ප්රදේශවල ජල මට්ටම මීටර් 15 ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බව දැනට සිදුකළ පර්යේෂණවලදී හඳුනාගෙන තිබෙ.