නවතම පුවත්

කොවිඩ් එන්නත්කරණයට  දේශපාලන බලපෑම් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

-PHIලාගෙන් අනතුරු ඇගවීමකුත්

 

පැතුම් වික්‍රමරත්න

 

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා දිගින් දිගටම දේශපාලන බලපෑම් එල්ල වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කර සිටී.

 

දේශපාලනඥයන්ගේ මෙම  මැදිහත්වීමෙන් එන්නත් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇතිව තිබෙන බවද  එම සංගමය අවධාරණය කර සිටී .

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් හා නිර්දේශවල අනුව එන්නත්කරණය ආරම්භ වූ නමුත් දේශපාලනඥයන්ගේ අනිසි මැදිහත්වීම් හමුවේ එන්නත්කරණයට අදාලව සකස් කර තිබූ මාර්ගෝපදේශ පවා වෙනස් කිරීමට සිදුව ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

 

ප්‍රමුඛතාවය  මත එන්නත්කරණය සඳහා ලියාපදිංචි වී සිටි පුද්ගල නාමලේඛන පවා දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් වෙනස් වී ඇති බවත්, එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලැබිය යුතු පුද්ගලයන් වෙනුවට වෙනත් පුද්ගලයන් එන්නත් ලබා ගන්නා බවත් ඔහු පෙන්වා දේ .

 

මේ හේතුවෙන් ජනතාව දැඩිලෙස නොසන්සුන්තාවයට පත්ව ඇති බවත්, එන්නත්කරණ මධ්‍යස්ථාන තුළ කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇති බවත් පෙන්වා දෙන උපුල් රෝහණ මහතා පවසන්නේ මෙම තත්වය මත එන්නත්කරණ මධ්‍යස්ථාන හරහා කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවය. මේ නිසා තවදුරටත් දේශපාලන මැදිහත්වීම් සිදු වන්නේ නම් එන්නත්කරණ කටයුතුවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුවන බව උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටී .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා