පොලිස් කොමිසමේ පළාත් අධ්‍යක්ෂවරු 5 ඉල්ලා අස්වෙති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

 

ජාතික පොලිස් කොමිසමේ පළාත් 5ක අධ්‍යක්ෂවරු ඉල්ලා අස්වී තිබේ.

 

ඊට හේතු වී ඇත්තේ ජාතික පොලිස් කොමිසමේ සභාපති වන විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සමග ඇති වූ මත ගැටුමක් හේතුකොටගෙනය.

 

මෙම මත ගැටුමට හේතු වී ඇත්තේ මහජන පැමිණිලි විභාග කිරීම නිසි ලෙස සිදු වී නැති බවට පළාත් අධ්‍යක්ෂකවරුන්ව නිරන්තරයෙන් දැනුවත් කරමින් සභාපතිවරයා විසින් ඔවුන්ගේ වැරදි අඩුපාඩු පෙන්වා දීමයි.

 

උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරුන් පමණක් මෙතෙක් ඉවත් වී නොමැත.

 

සෑම පළාතකටම ජාතික පොලිස් කොමිසමේ අධ්‍යක්ෂවරයෙක් පත් කර තිබේ.

 

ඔවුන්ට පැවරී තිබුණේ මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි භාර ගෙන ඒ පිළිබඳ නිසි විමර්ශන කිරීමයි.

 

විසිවෙන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික පොලිස් කොමිසමට පැවරී ඇති එකම බලතලය වන්නේ ජනතාවගෙන් ලැබෙන පැමිණිලි බාර ගැනීම පමණි.

 

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පත්වූ පළවෙනි පොලිස් කොමිසමේ සභාපති ලෙස චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පෙන්වා දී ඇත්තේ මහජන පැමිණිලි පසුගිය කාලය පුරාම නිසි ලෙස විමර්ශනය වී නොමැති බවයි.

 

මේ හේතුවෙන් අධ්‍යක්ෂකවරුන් සහ කොමිසම් අතර මෙම අර්බුදය හටගෙන ඇත.