අයවැය ගැන අවසන් තීන්දුවක් ගන්න ජනපති-මහින්ද හමුවක්

Picture of අසංක

අසංක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්‌වේ.

ඒ් අයවැය ‌තෙවන වර කියවීමේ ඡන්දය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම ‌සදහායි.

පස්වරු 4.00 ට ආරම්භ සාකච්ඡාවට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහභාගී වීමට නියමිත ය.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වේ.