කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කළ හැකි තවත් ස්ථාන 06ක් පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතිබව වාර්තාවේ .
මේවනවිට ඉරණතිව් දූපතෙහි එම මෘත දේහ භූමදානය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති නමුත් පුත්තලම, ඕට්ටමාවඩි සහ මන්නාරම ඇතුළු තවත් ස්ථාන 06 ක් මේ සඳහා නිර්දේශ කර ඇති බවත් වාර්තාවේ
ඒ පිළිබඳ අධ්‍යනය කර දැනුවත් කරන්නැයි අදාළ පාර්ශවයන්ට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී .
ඉරණතිව් දූපතෙහි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමේදී ගැටලුකාරි තත්ත්වයක් මතුවුවහොත් සෙසු ස්ථාන 06 හි ඊට අවස්ථාව ලබා දීම පිළිබඳව අධ්‍යනය මේ වනවිට ආරම්භ කර තිබේ.
මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල ජල මූලාශ්‍රවලට හානි නොවන ස්ථාන භූමදානය කිරීම සඳහා නම් කරන්නැයි මුස්ලිම් ප්‍රජාව තුළින්ම ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.