අධික මිලකට ගෙන්වූ කිරි ගවයන් සිය ගණනක් මියයාම ගැන සැකයක් – ඔස්ට්‍රේලියානු සමාගමෙන් මෙරටට චෝදනා

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඩොලර් මිලියන ගණනක් ගෙවා ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් ආනයනය කිරීමෙන් පසු මියයාමේ හා ‌රෝගාබාධයකට ගොදුරුවීමේ තර්ජනයකට මුහුණදීම සම්බන්ධයෙන් සැක මතුවී තිබේ.

මෙරට ගොවීන් චෝදනා කර තිබුණේ දකුණු ආසියානු කාලගුණයට මෙම කිරි ගවයන් ඔරොත්තු දෙනවාද නැද්ද යන්න පිළිබද සොයානොබලා අපනයනය හේතුවෙන් මෙවැන්නක් සිදුවී ඇති බවයි.

ඔස්ට්‍රේලියානු අපනයන සමාගම වන වෙලාර්ඩ් කෘෂි අපනයන සමාගම විසින් ඒ පිළිබද නිවේදනයක් ද නිකුත් කර තිබේ.

සමාගම පවසා ඇත්තේ මෙරට ගොවීන් මෙම කිරි ගවයන් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා මෙවන් ඉරණමක් අත්ව ඇති බවයි.

ඔවුන් විසින් මෙම තත්ත්වය හමුවේ මෙරට දී ගවයන් ලබාදෙන ගොවීන් තෝරාගැනීම හා වෙනස් කිරීම සම්බන්ධයෙන් ද සොයාබැලූ බව ඒම නිවේදනයේ දැක්වේ.

කිරි ගවයන් 5000ක් ශ්‍රී ලංකාවට අපනයනය කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජය තෝරාගන්නා ලද ගොවීන් 68 දෙනකුට ලබාදීම වෙනුවෙන් ගවයන් 500ක් නියමිත දිනට  නැව්ගත කළ බවත් උපදෙස් මත කිරි ගව රැළ කළමනාකරණය කිරීම සිදුවී නැති බවත් ඒම සමාගම චෝදනා කරයි.

කිරි ගවයන් යැවූ ගොවිපළවලදී ගව පාලනයට තිබූ සත්ව සුබසාධන පහසුකම්වල අඩුපාඩු, ප්‍රමාණවත් පරිදි ගව පාලනයක් කළ හැකි ක්‍රමවේද අනුගමනය කිරීමට අපොහොසත් වී ඇතැයි ඒම නිවේදනය මගින් චෝදනා කර තිබේ. ඒහි ප්‍රතිඵලයක් ලෙස ගොවීන් තෝරාගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට සිදුවී තිබූ බව නිවේදනයේ සදහන්ය.

මෙලෙස ආනයනික කිරි ගවයන් සිය ගණනක් මියගොස් ඇති අතර තවත් ‌බොහොමයක් ‌රෝගී ත්ත්වයෙන් පසුවේ.

නවසීලන්තයෙන් හා ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන ගණනක මෙම කිරි ගවයන් ආනයනය කිරීමේ තීරණය ගැනීමෙන් පසුව වාර්තා පළවී තිබුණේ රෝගාබාධවලට ලක්වූ කිරි ගවයන් විශාල සංඛ්‍යාවක් මෙලෙස ආනයනයට සැරසෙන බවය.

ආනයනය කළ පසුවද ඒම ‌චෝදනාව ඒල්ලවූ අතර ‌ගෙන්වන විටත් කිරි ගවයන් මාරාන්තික ‌රෝගී තත්වයකට මුහුණ පා සිටි බවට ‌‌ගොවීන්ගෙන් ‌චෝදනා ඒල්ල වී තිබුණි.

ඒ පිළිබද පළවූ මාධ්‍ය වාර්තා රජයේ පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප වූ අතර මේ වනවිට ආනයනික කිරි ගවයන් රෝගී තත්ත්වයකට මුහුණදීම හා මියයාමේ තර්ජනයකට මුහුණ පා සිටියි.