අරලියගහ මන්දිරයේ STF ආරක්ෂකයෙක් සිය දිවි හානිකරන් – ලිපියකුත් හමුවේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙක් අද පෙරවරුවේ වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇත.

“මගේ ආදරේ මගේ පණ” යනුවෙන් ඔහු විසින් සටහන් කරන ලද ලිපියක් ද ඔහු මියගිය තැන තිබී හමුවී ඇත.

30 හැවිරිදි කොස්තාප්ලවරයා මහනුවර පදිංචිකරුවෙක්.

ඔහු නිවාඩුවකට නිවසට ගොස් දින දෙකෙකට පෙර නැවත රාජකාරියට පැමිණ ඇත.

විමර්ශනය කරන කොල්ලුපිටිය පොලීසිය සැකකරන්නේ පෙම් හබයක් මුල්කොට ගෙන මෙය සිදුවූවක් බවයි.