දම්පත් රණසිංහ
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගෙන් ක්‍රීඩා වැරදි සොයන පොලිස් විමර්ශන ඒකකය විසින් අද (04) දින උදෑසන 8.30ට ප්‍රශ්න කිරීම සදහා කැදවා තිබේ. ඔහුගෙන් එම පොලිස් ඒකකය විසින් පැය 9 කට අධික කාලයක් ඊයේ (03) ප්‍රශ්න කර තිබුණි.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර සිදු වූ සිදුවූ තරඟ තරඟ පාවාදීමක් පිළිබඳව කණ්ඩායම් දෙකක ක්‍රීඩකයන් දෙදෙනකු සමග සිදු වුයේ යැයි කියන දුරකථන සංවාදයක් සම්බන්ධව මෙහිදී ප්‍රශ්න කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙමින් තිබියදී තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් සිදු වූ කතාබහක් ගැන ලද පැමිණිල්ලකට අනුව ක්‍රීඩා වංචා විමර්ශන විමර්ශන පැවැත්වෙන පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දුන් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එහි පෙනී නොසිට අධිකරණයෙන් ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය පරේදා (02) ප්‍රතික්ෂේප විය.
එම තරඟ පාවාදීම සම්බන්ධයෙන් කෙරුණු කතාබහට අදාළව ශිල්පීය කණ්ඩායම් දෙකක් නියෝජනය කරන ලද ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුළු කිහිප දෙනෙකුගෙන් ක්‍රීඩා වංචා විමර්ශන ඒකකය ප්‍රකාශ ලබා ගෙන තිබේ.
මෙම තරඟ පාවාදීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබී තිබේ.
මේ පිළිබඳ දීර්ඝ විමර්ශනයක් සිදු කෙරෙමින් තිබූ අතරතුර සචිත්‍ර සේනානායකගේ ජංගම දුරකථනය බාරදෙන ලෙසට පොලිස් විමර්ශන ඒකකය විසින් දැනුම් දී තිබුණද ඔහු විසින් පොලිසියට ලබාදී ඇත්තේ ඔහුගේ බිරිඳගේ ජංගම දුරකථනයයි.
නමුත් සෙසු ක්‍රීඩකයන් විසින් සිය ජංගම දුරකථන විමර්ශන සඳහා පොලීසියට ලබා දී තිබුණි.