කොවිඩ් සිරුරු භුමදානයට මාර්ගෝපදේශ මෙන්න

Picture of අසංක

අසංක

COVID-19 ආසාදිත මළසිරුරු භූමදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛය නිකුත් කෙරේ.

එහි දැක්වෙන ප්‍රධාන මාර්ගෝපදේශ කිහිපයක් පහත දක්වා ඇත.

  • මෘත දේහය ප්‍රමාදයකින් තොරව භූමදාන කිරීම සඳහා මියගිය අයගේ ඥාතීන් සෞඛ්‍ය සේවා ආයතනයේ අධ්‍යක්ෂ / ප්‍රධානියාට (මරණය සිදුවූ ස්ථානය) වහාම දැනුම් දිය යුතුය.
  • සිරුර භූමදානය කිරීමට නම් රෝහලේ අධ්‍යක්ෂක / සෞඛ්‍ය සේවා ප්‍රධානියා වෙත ඥාතීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් තිබිය යුතුය.
  • ඥාතීන් මිනී පෙට්ටියක් කල්තියා ලබා දිය යුතුය.
  • මෘත දේහ නාච්චිකුඩා ජැටිය වෙත ප්‍රවාහනය කරන වාහනය දිනපතා උදේ 5.30 ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නම් කරන ලද මෘතදේහ ලබාගන්නා මධ්‍යස්ථානයෙන් පිටත් වේ.
  • බලයලත් නිලධාරීන් විසින් රැගෙන යන ලද මළ සිරුර ප්‍රදේශීය MOH නියෝජිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් නාච්චිකුඩා ජැටියෙ හි අදාළ ස්ථානයට භාර දෙනු ලැබේ.
  • භූමදානය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් වෙන් කරන ලද දූපතක පොලිස් / ආරක්ෂක නිලධාරීන්ගේ පහසුකම් හා සම්බන්ධීකරණයෙන් ඥාතීන් ඉදිරියේ ය.
  • ආගමික කටයුතුවලට අවසර ඇත්තේ රෝහලේදී පමණි.
  • ඥාතීන්ට හෝ අනවසර පුද්ගලයින්ට සෞඛ්‍ය සේවා ආයතන තුළ ඡායාරූප, වීඩියෝ සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට අවසර නැත.
  • භූමදානය සඳහා සහභාගි විය හැක්කේ ඥාතීන් දෙදෙනෙකුට පමණි.