අගමැතිගේ අලුත් ඇමති ලැයිස්තුව ජනපති ප්‍රතික්ෂේප කරයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව අමාත්‍යධූර 10ක් ලබාදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමු කල ලැයිස්තුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන 04 දෙනෙකු , ඇමති ධූර සඳහා යෝජනා කරමින් අගමැතිවරයා මෙම ලැයිස්තුව ජනපතිවරයා වෙත පසුගියදා යොමුකලෙය .

විජිතමුනි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, මනුෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක යන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පාලිත රංග බණ්ඩාර, වසන්ත සේනානායක, ඩී.එම්. ස්වාමිනාදන් යන එජාප මන්ත‍්‍රීවරුන් ඇතුළු දස දෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට මෙහිදී අගමැතිවරයා විසින් නිර්දේශ කර ඇති බවද වාර්තා වෙයි.