රුසියාවේ එන්නතට ලංකාවේ අනුමැතිය හිමිවේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික ඖෂධ නියාමන අධිකාරිය රුසියාවේ, ස්පුට්නික් ( Sputnik V ) එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබා දී ඇත .

රුසියාවේ ගමෙලියා ආයතනය විසින් නිෂ්පාදනය කරන ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව අනුමත කිරීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදුන් බව  රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හා සමාන තාක්ෂණයක් ඊටද යොදාගෙන ඇති අතර එන්නත් මාත්‍රා දෙකකින් ලබා දිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටී

ඒ අනුව මේ වන විටත් එම එන්නත ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අවසර දුන්  බව   රුසියානු ආයතනයට දැනුම් දී ඇති බවත් ඉදිරියේදී එම එන්නත ලංකාවට ගෙන ඒමට කටයුතු යොදන බවත් ඔහු කියාසිටි..