බදුල්ල මහ රෝහලේ  පිළිකා වාට්ටුවෙන් කොරෝනා ආසාදිතයන් 31 ක් වාර්තා වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බදුල්ල මහ රෝහලේ  පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිතයන් 31 දෙනෙක්  වාර්තා වී තිබේ.  අද  උදෑසන ලැබුණ පී.සී.ආර් වාර්තාවලට අනුව කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ද ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

https://www.facebook.com/palitha.rajapaksha.5/posts/3664745510287773

මේ අනුව වෛද්‍යවරයෙක් , කාර්යමණ්ඩලයේ දෙදෙනෙක්  රෝගින් 29 දෙනෙක් මෙසේ ආසාදිතයන් තිබේ. පසුගිය 02 වනදා මෙම වාට්ටුවේ හෙදියක්  ආසාදිත බවට හදුනාගත් අතර තවත් හෙදියක් හා කනිෂ්ඨ සේවකයන් දෙදෙනෙක් හා රෝගයෙක් අසාදිතයන්  ඊයේ 4 වනදා හදුනාගනු ලැබීය.

මේ තත්වය මත සිදුකළ  පී.සී. ආර් පරික්ෂණ වලදී අද දින අලුතින් 29 දෙනෙක් මේ වාට්ටුවෙන් ආසාදිතයන් බව හදුනාගෙන තිබේ .

පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ .

රෝහල් කාර්ය මණ්ඩලයේ ආසාදිතයන් සියලු දෙනා  කොවිඩ්  මර්දන එන්නත ලබාගෙන සිටි අය බවද  දැනගන්නට ඇත.