හොරණ ගුරුගොඩ ඔයෙන් හමුවූ මළසිරුර ගැන හමුදා ප්‍රධානියකුගේ ආරක්ෂක බලඇණි සාමාජිකයෙකු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

හොරණ ගුරුගොඩ ඔයේ තිබී යතුරුපැදියක ගැටගසා තිබියදී හමුවූ යුද හමුදාවේ කොමාන්ඩෝ සෙබලාගේ ඝාතනය සිදුකිරීමේ චෝදනාව මත යුද හමුදාවේ ඉහළම නිලධාරියෙකුගේ ආරක්ෂක බලඇණියේ සිටි කොමාන්ඩෝ සෙබළෙකු හා ඔහුගේ මිතුරකු අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්ව තිබූ සෙබළා හමුදාවෙන් ඉවත්ව පසුගිය දා ඉන්දියාවේ දී මියගිය අංගොඩ ලොක්කා නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ අභිරහස් තුවක්කුකරු ලෙස කටයුතු කර ඇත.

ඝාතනයට ලක්වූ සෙබළා ‘සදා’ නමින් හැඳින්වූ අයෙකි.

අත්අඩංගුවට ගෙන සිටින, හමුදා ප්‍රධානියාගේ ආරක්ෂක බලඇණියේ සිටි සෙබලාගෙ බිරිඳ සමඟ සදා නැමැත්තා අනියම් සම්බන්ධයක් පැවැත් වූයෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි හෙළි වී තිබේ.

ඔහු හමුදා ප්‍රධානියා ගම් උදා ප්‍රධානියාගේ ආරක්ෂක බලන් ඉන් ඉවත්ව සාමාන්‍ය සේවා සඳහා යොමුකර සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු වුවත් ඔහු ඝාතනය සිදු කරන විට ඉහත ආරක්ෂක බලඇණියේ සේවය කරමින් සිට ඇත.

එලෙස සේවය අතරතුර දිනෙක එම ඝාතනයට හවුල් කරගත් මිතුරාද කමාන්ඩෝ බලකායේ සේවය කරමින් සිට හමුදාවෙන් ඉවත් වූ අයෙකි.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤ වීදිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.

ඝාතනය සැලසුම් කළ සෙබලාගෙ පදිංචිය අංගොඩ කොහිල වත්ත ප්‍රදේශයේ ය.

මත්කුඩු ජාවාරම්කාර අංගොඩ ලොක්කා නැමැත්තා මියගිය පසුව ඇති වූ ජීවිත තර්ජනයක් මත සදා නැමැත්තා වරින් වර තැනින් තැන ජීවත්ව සිට ඇත.

ඒ අනුව ඔහු හොරණ පදිංචිව සිටී හමුදාවෙන් ඉවත්ව සිටි මිතුරාගේ නිවසට ගොස් සිට තිබේ.

හොරණ මිතුරාගේ ගෙවත්තේ අතහැර දමා තිබූ වෙනම කුඩා ගෙයක්ද පිහිටා ඇති අතර එහිදි මත්පැන් පානය කර පැයක හමාරක් දෙකක් තිස්සේ පොලුවලින් ගසා මෙම ඝාතනය කර ඇත.

පසුව ඔහුගේ ඇතුළු පැදිය සමඟ මල සිරුර ගෙනැවිත් ඒ ගැටගසා ගුරුගොඩ ඔයට දමා ඇත.