එංගලන්ත මුහුදේ පාවෙන නැවක් සේයාරුවකට

Picture of අසංක

අසංක

එංගලන්ත වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙන නැවක අතිප්‍රසිද්ධියට පත්වූ ඡායාරූපය දුර්ලභ දෘෂ්‍ය මායාවක ප්‍රතිඑලයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති.

ඩේවිඩ් මොරිස් විසින් එම දසුන ඡායාරූපගත කර තිබුණේ කෝර්න්වෝල් හි ෆල්මූත් අසල ප්‍රදේශයේ ඇවිද යන අතරතුර ය.

කාලගුණ විද්‍යාඥ ඩේවිඩ් බ්‍රේන් පැවසුවේ මෙම “සුපිරි මිරිඟුව” ඇති වූයේ “නම්‍ය ආලෝකය නිසා ඇතිවන විශේෂ වායුගෝලීය තත්වයන්” නිසා බවයි.

ඔහු පැවසුවේ මෙවැනි දසුන් ආක්ටික් ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන නමුත් ශීත ඍතුවේ දී එක්සත් රාජධානියේ මඅ දසුන “ඉතා කලාතුරකින්” පෙනෙන දෙයක් බවයි.

මොරිස් මහතා පැවසුවේ එම ගම්මානයේ සිට මුහුද දෙස බලා සිටියදී පින්තූරය ගැනීමෙන් පසු තමා මවිතයට පත් වූ බවයි.

බ්‍රේන් මහතා එය පැහැදිලි කරමින් මෙසේ පැවසීය. “සීතල වාතය උණුසුම් වාතයට වඩා ඍණ බැවින්, එය බිම හෝ වෙරළ තීරයේ සිටගෙන සිටින කෙනෙකුගේ දෑස් වෙතට ආලෝකය නැමෙන අතර දුරස්ථ වස්තුවක් දිස්වන ආකාරය වෙනස් කරයි.” යනුවෙනි