මධූෂ් ‌‌මෙරට භාරයට ගන්න ජනපතිගෙන් ඒ.අරාබි ඒමීරයේ ජනපතිට ඉල්ලීමක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු පාතාල නායක හා මත්කුඩු ජාවාරම්කරුවකු වන මාකදුරේ මධූෂ් මෙරට රජය හා හුවමාරු කරගැනීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සායෙඩ් අල් නයාන් වෙත ඉල්ලීමක් කරමින් ලිපියක් යවා තිබේ.

ඒම ලිපිය යවා තිබුණේ මෙරට රජය නියෝජනය කරමින් අබුඩාබි බලා ගිය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා, නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් සමගයි.

මෙම නියෝජිත කණ්ඩායම ඒරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහොමඩ් ගර්ගාෂ් මහතා හමුවී ලිපිය භාරදීමෙන් අනතුරුව මධූෂ් මෙරටට භාරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඉහත දැක්වෙන්නේ ඒම හමුවේදී ගන්නා ලද ඡායාරූපයකි.