මාර්ග කිලෝ මීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව නිවසක් සමඟ ඊට යාබද ව්‍යාපාරික ස්ථානයක් ඉදිකර දීමේ ජාතික වැඩසටහන අද (08) දින ආරම්භ කෙරින .
ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරා ගැනුණු මාර්ගයක් සංවර්ධනයේදී නිවසක් හා ඊට අදාළව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ
“අපේ ගමේ අපේ කඩේ ” නමින් හැඳින්වෙන මෙම වැඩසටහන හරහා ග්‍රාම නිලධාරී වසම් 14022ක පවුල් 14022ක් ප්‍රතිලාභ ලැබීමට නියමිතය.
ආරම්භක වැඩසටහන කොළඹ,කළුතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් අද ආරම්භ කෙරුනු අතර .අමාත්‍යාංශය හා ආයතන ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි .