බස්නාහිර පාසල් සදුදා ඇරේ සියලුම ශ්‍රේණි අප්‍රේල් නිවාඩුවෙන් පසු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

බස්නාහිර පළාතේ ශ්‍රේණි 3ක ඉගැන්වීම් කටයුතු මාර්තු 15 වන දින ආරම්භ කෙරේ.

 

සෙසු ශ්‍රේණි සඳහා අප්‍රේල් මාසයේ නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

 

ඒ අනුව 5 වන ශ්‍රේණිය, 11 වන ශ්‍රේණිය හා 13 වන ශ්‍රේණි පමණක් ලබන සඳුදා ආරම්භ ‍කිරීමට නියමිතය.

 

බස්නාහිර සෙසු ශ්‍රේණි අප්‍රේල් මස 19 වන සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සඳහා  තීරණය කර ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ලිඛිත නිර්දේශ අනුවයි.

 

2021 වසර සඳහා 1 ශ්‍රේණියට ඇතුළත් කළ සිසුන්ට ද ප්‍රථම වරට පාසල් ආරම්භ කරනු ලබන්නේ අප්‍රේල් 19 වන දාය.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සියලු ශ්‍රේණි සඳහා සියලු පාසල් මාර්තු 15 වන දා විවෘත කෙරෙනු ඇත.